වැඩි මිලට සීනි අලවි කරන වෙළදුන් සොයා අද (04) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එවැනි වෙළදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.
මේ අතර සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (03) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය
ඒ අනුව පැකට් නොකල සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 275කි.
පැකට් නොකළ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 330කි.
පැකට් කල සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 295කි.
පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 350කි.
මේ අතර ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පැවති සත 25 බද්ද මේ මස 01 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තේය.
