Spread the love

නිමල් රාජපක්ෂ-

රංජිත් සියඹලාපිටිය අභියෝගතා කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත සීෂෙල්ස් රාජ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමග පැවැති තරගයෙන් 3-0 ලෙස විශිෂ්ට ජයග්‍රහණය කිරීමට රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (19) සමත් විය.

රුවන්වැල්ල මහජන ක්‍රිඩාංගණයේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් රාජසිංහ කණ්ඩායම වෙත ශූරතාව පිරිනැමීම මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් සිදු කෙරිණි.