සුපිරි වෙළෙදසැල්වලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සිලි සිලි මලු නිකුත් කිරීමේදී පාරිභෝගිකයාගෙන් මුදලක් අය කළ හැකි පරිදි නීති සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත.
සුපිරි වෙළෙදසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සීමාවකින් තොරව සිලි සිලි මලු සහ පොලිතින් බෑග් නිකුත් කිරීම නිසා පරිසරයට විශාල විනාශයක් සිදුවන බව පරිසරවේදීහු කියා සිටිති.
පරිසර අමාත්‍යාංශය, පාර්ශවකාර ආයතන සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ජංගම කසළ එකතු කිරීමේ වැඩසටහනේ පළමු කසළ පොළ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ සහභාගීත්වයෙන් වික්‍රමසිංහපුර ක්‍රීඩාංගනයේදී පෙරේදා (08) පැවැත්වුණි.
මෙරට තුල දෛනිකව මෙට්‍රික් ටොන් දස දහසක් පමණ අපද්‍රව්‍ය එකතු වූවත්,ඉන් ප්රතිචක්රීයකරණය කෙරෙන්නේ සියයට හතරක (4 %) පමණ ප්‍රතිශතයක් බවත් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
