ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක් මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි .
සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.
