2025 අලුත් අවුරුද්ද අද (අප්‍රේල් 14) පෙරවරු 03:21ට උදා විය.
ආහාර පිසීමේ නැකත පෙරවරු 04:04ට යෙදී ඇත.
තඹ වර්ණ ඇඳුම් හා ආභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, කිරිබත්, කැවිලි, දීකිරි හා විලඳ පිළියෙල කිරීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ දැක්වේ.
වැඩ ඇල්ලීම, ගනුදෙනු හා ආහාර අනුභවය පෙරවරු 06:44ට යෙදී ඇත.
