නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 20කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරමින් දුෂ්කර සේවා පරිසරයන් තුළදී පවා අපේක්ෂා කරනු ලබන කාර්ය සාධන මට්ටම සාක්ෂාත් කරගැනීම උදෙසා දැඩි කැපවීමෙන් කටයුතු කළ සියලුම සුරාබදු මහ සැරයන් සහ සුරාබදු සැරයන්වරුන් හට හෙට පෙරවරු 11 .00 ට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් හට තිළිණ ප්‍රදානය කෙරේ.
මෙම තිළිණ ප්‍රධානය කිරිමේ උත්සවය සුරාබදු මුලස්ථානයේදි පැවැත්වේන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක වජිර අබේවර්ධන මහතාද ශ්‍රී ලංකා සුරාබදු මහ සැරයන් සහ සැරයන්වරුන්ගේ සංගමය නිලධාරීන්ද පැමිණිමට නියමිතය
