නිමල් රාජපක්ෂ-
රෝග කල්තියා හදුනාගෙන ප්‍රතිකාර සේවා ලබාදීම මුලික දැක්ම සහ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහත
ඊයේ (11) හලාවත මහවැව ශ්‍රී ධර්මාරාම මයේහා විද්‍යාල පරිශ්‍රයේ දී පැවැති අවස්ථාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා එසේ පැවසුවේය.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වනු ලැබූ මෙම ජංගම වෛද්‍ය සායනය කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල 100 කගේ පමණ සහභාගීත්වයෙන් දිනය පුරා පැවැති අතර, සෞඛ්‍ය සේවාවන් ලබාගැනිම සදහා මාලිගාවත්ත, කුරුළුඋයන, මැදවනවැව, මට්ටාකොටුව සහ වී හේන වැනි දුෂ්කර ගම්මානවල දහසකට අධික ජනතාවක් මෙම ජංගම සායනය හා එක්ව සිටියහ.
මෙම “සුවයට අරුණක්” ජංගම වෛද්‍ය සායනය තුළින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු සේවාවන් සපයන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, හලාවත පොලිස් කොට්ඨාස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කුමාර, මහවැව ප්‍රාදේශීය ලේකම් සුදර්ශණී බණ්ඩාර යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය අංශ නියෝනය කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුලු ප්‍රජාසංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ
