Spread the love

සබරගමුව පළාතේ ද, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද අද (23) ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි..