Spread the love

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ.

මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකුට සිට ඇත.

සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.