ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.
වැලිකඩ පොලීසිය ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.