නිමල් රාජපක්ෂ-
පුරා දෙදෙනක් තුළ කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර ඇතුළු මත්පැන් ජවාරමේ නිරත සැකකරුවන් 11 දෙනකු වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක්, කසිප්පු ස්ප්‍රීතු ලග තබාගෙන සිටි දෙදෙනෙක් හා ගෝඩා ලග තබාගෙන සිටි එක් අයෙක් කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
සුරාබදු නිලධාරින් කළ සෝදිසි මෙහෙයුමේදී වගුරු බිම් ආශ්‍රිත වන ලැහැබක පැවැති මත්පැන් නිෂ්පාදනාගාරයක් දැඩි පරිශ්‍රමයක් යොදා කොටු කර ගැනිමට සුරාබදු නිලධාරින් හැකිවී තිබේ.
අදාල සෝදීසි මෙහෙයුමේදී කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර්41700ක්, ගෝඩා මිලි ලීටර් 187 ක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක සී .ඩබ්ලිව් සිරිමාන්න , මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි අධිකරණ වෙත ඉදිරිපත් කොට දඩුවම් පැමිණවීමට නියමිතය.
වයඹ සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතාගේ උපදෙස් මත , සුරාබදු අධිකාරී ධීර ගුණසේකර මහතාගේ අධික්ෂණය යටතේ , කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක සී .ඩබ්ලිව් සිරිමාන්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂක ජෙස්මින්. සැරයන් මේජර් නාල්න , කෝප්ප්‍රල්වරුන්වන රත්නසිරි,ඒකනායක,සම්පත් වීරසිංහ ,නියාමකවරුන්වන දිසානායක ,විජේසිංහ, රියදුරු ඉන්දික යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.