දේවින්ද පිණිදිය
හදිසි ආපදා තත්වය හේතුවෙන් 2025 නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කෙරේ.
පවතින වත්මන් තත්වය පිළිබඳ කරුණු සලකා බලමින් ඉදිරියේදී වඩාත්ම සුදුසු තීරණයක් මේ සම්බන්ධයෙන් ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධ නව තීරණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නුදුරේදීම දැනුම් දීමට නියමිතය.
