හමුදා මේජර්වරයෙකු සමලිංගික ඇසුරක් තරුණයකු සමග සමලිංගික ඇසුරක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු තරුණයන් පිරිසක් මේජර්වරයා නිරුවත් කර එය වීඩියෝගත කර තිබේ.
පසුව එය අන්තර්ජාලයට මුදාහරින බවට පවසමින් ඔහුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් කප්පම් ඉල්ලා ඇත.
ඒ අනුව ලැබුණු පැමිණිල්ලක් මත එම මේජර්වරයා බියවද්දා කප්පම් ඉල්ලූ තරුණයන් නවදෙනෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරම සංවිධානාත්මක ලෙස සිදුකරන ලද්දක් වන අතර අන්තර්ජාල යෙදුමක් භාවිතා කර සමලිංගික සේවය මුදලට සිදු කරන බව පවසමින් කඩවසම් තරුණයන් ගේ ඡායාරූප ද යොදා ගෙන ජාවාරම පවත්වා ගොස් ඇත.
මේජර්වරයා කෙටි පණිවිඩ හරහා සම්බන්ධ වී අදාළ තරුණයා සොයා ගොස් සමීප ඇසුරක් පවත්වමින් සිටියදී මෙම වීඩියෝගත කිරීම සිදු කර ඇත.
මෙම කණ්ඩායම හමුදා මේජර්වරයා නිරුවත් කොට පහර දී බැංකු කාඩ් පත කොල්ල කා ඉන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
