Spread the love

මුල්කිරිගල – ගුණරත්න

16 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව පනාගොඩ යුද හමුදා කදවුරේ සේවය කරන යුද හමුදා සෙබෙලෙකු ඊයේ (24) සවස 4.30 ට නිවැසියන් පන්සල් ගිය අවස්ථාවේ තම නිවසේ නිදන කාමරය තුළ ගෙල වැළලා ගෙන මියගොස් ඇතැයි හුංගම පොලිසිය පවසයි .
මොහුගේ බිරිඳ විදේශ ගතවී ඇති බවත් ඒ පිළිබඳව දෙදෙනා අතර ආරවුලක් තිබූ බවත් එම යුවළට කුඩා දරුවෙකු සිටින බවත් පොලිසිය පවසයි . මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න ,කහදාව දකුණ ,පොල්වත්ත ,ලක්මාල් සෙවන ලිපිනයේ පදිංචිව සිටි ජෝතිරත්න ගමගේ ශාලිත ලක්මාල් නමැති 34 හැවිරිදි එක් දරු පියෙකි
මෘතදේහය රන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කරඇත..හදිසි මරණ පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිතය
සිද්ධිය පිළිබද හුංගම පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි..