Spread the love

ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ගණේමුල්ල සංජීව, ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ දීම බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත බාරදෙනු ලැබීය.

මේ අතර, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ විමර්ශන ඒකක කිහිපයක් එක්ව ඔහු සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් විශේෂ සාච්ඡාවක් සිදු කර තිබේ.

එවන් පසුබිමක ගනේමුල්ලේ සංජීව අද පස්වරුවේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එහි දී ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම හේතුවෙන් සිදු වූ ඝාතන රැසක් මොහුගේ ආධාර අනුබලදීම යටතේ සිදු කළ ඒවා බවට පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම LTTE සංවිධානයේ පුනරුත්තාපනය නොවූ වෙඩික්කරුවන් මාර්ගයෙන් දකුණේ මිනිස් ඝාතන සිදු කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.