Spread the love

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු 14 වන දින කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් මහතා හා දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර 2025.05.15 වන දින විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය නිවේදනය කරයි.