Spread the love

නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමට නියමිතයි.

ඒ සඳහා ඔහු තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

අද දින පාර්ලිමේන්තු සැසිවාරයේදී ආචාර්ය සූරියප්පෙරුම මහතාගේ කතාවට අමතර මිනිත්තු 5ක් ලබා දී තිබෙනවා.

ඔහු මෙම අවස්ථාව “විශේෂ දවසක්” ලෙසද සඳහන් කර ඇත.

මෙම සිදුවීම ඔහුගේ නව තනතුරට පත්වීමට පෙර සිදුවූවක් ලෙසයි සැලකෙන්නේ.