Spread the love

නිශ්චිත ගමනාන්තයක් නොදැන ශ්‍රී ලංකාවෙන් පලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තරුණයෙකු සහ තරුණියක අද ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි වයස 27ක් සහ වයස 19ක් වන තරුණ යුවලක් බව සඳහන්.

ඔවුන් සංචාරක වීසා මත ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත, ඔවුන් ආගමන විගමන නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී ඔවුන් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය වෙත යාම සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැකසූ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.