නිමල් රාජපක්ෂ-
උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජුනි 30 දක්වා දීර්ඝ කල බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.
උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක් හැදුණුම්පතක් ලබා ගැනීමට නොහැකි වී ඇති පුද්ගලයන් වෙනුවෙන් එම හැදුණුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාලය දීර්ඝ කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද ප්‍රදීප් සපුතත්ත්රි මහතා වැඩිදුරටත් පැවසුවේය.
