හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වූ අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණා.
සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
