කෝටි හතක මුදලක් වංචනකව පරිහරනය කිරීමක සම්බනධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තහම්න්තුව අත්අඩංගුවට ගත් සපරගමුව පලාත් සභාවේ හිටපු පලාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද ඔක්තොම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කරන ලදී.
සබරගමුව පලතේ මාර්ග අමාත්‍යංශය මගින් 2016 සහ 2017 වර්ග වල වෙන් කරන ලද මුදල් ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාව ක්‍රියාකාරි ආයතනයක් ලෙස තෝරා ගනිමින් සිදු කරන ලද ව්‍යාපෘති 77කට අදාළව ව්‍යාපෘති සිදු නොකර රුපියල් 71645226.32 මුදලක් සම්බන්දයේන් රජයට පාඩුවන අන්දමින් කටයුතු කරමින් කුමන්ත්‍රණය කිරීම මගින් පොදු දේපළ පනතට සහ ලංකා දන්ඩනීති පනතට අදාළව චෝදනා ලැබිය හැකි වරදක් කර ඇති නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තහම්න්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
ඇඹිලිපිටියට ප්‍රාදේශිය සභාව විසන් ඉල්ලීම් ලිපි නොමැතිව ඇස්තමේන්තු කැදවාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනුමත කරමින් ඉදිරිපත් කිරීම අමාත්‍යවරවා ලෙස ඉදිරිපත් කරන ලදව්‍යාපෘති ඉට කිරීමට අමාත්‍යංශ ලේකම් වරයාට බලලෑම් කිරීම.
එසේකැදවන ලද ඇස්තමේන්තු තුන්වන පාර්ෂවයක් වෙත ලබාදීමට කටයුතු කිරීම මගින් අයුතු ලාභයක් ලබා ගැනීමට හා රජයට පාඩු කිරීමට කටයුතු කර ඇතැයිද ඔහුට එරෙහිව ඇති චෝදනාවේ.
ඒ අනුව මෙම නඩුව අද දහවල් දීර්ඹ වෙලාවක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය වරවා ලබන 02 දක්වා රක්ෂත බන්‍ධනාගාර ගත කරන ලදී.
පැමිනිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තහම්න්තුව ඉකරුණුදක්වා අමාත්‍ය වරයා රකෂත බන්‍ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි අතර විත්තිය පාර්ශවය වෙනුවේන් නීතිඥ රංජිත් හීල්ලගේ ඇතුලු නීතී කණ්ඩායමක් ඉදිරිපත් විය
