Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය ආසන වෙන් කර ගැනීම හෙට සිටි ඹන්ලයින් ක්‍රමවේදය ඹස්සේ සිදු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

කලින් ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය මගින් මෙතෙක් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00ට ආරම්භ වූ නමුත් නමුත් හෙට 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි එය දිනපතා පස්වරු 07.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දුම්රිය බලපත්‍රත් 100% ඔන් ලයින් වෙන් කරයි.
දුම්රිය බලපත්‍ර සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම, වෙන්කළ e ප්‍රවේශපත්‍ර මඟින් දුම්රියෙන් ගමන් කිරීමට අවසර ලබාදීම සහ සෑම ආසන වෙන් කිරීමක් ම OTP මඟින් තහවුරු කිරීම යන ක්‍රියාවලිය ආරම්භ කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී හෙට14 වන සවස 06.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

දුම්රිය බලපත්‍ර සඳහා ද අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට දුම්රිය බලපත්‍ර ලාභින් http://seatreservation.railway.gov.lk/mtktwebslr/ සබැඳිය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය.

බලපත්‍රයේ අවශ්‍ය තොරතුර පද්ධතියට ඇතුළු කිරීමෙන් පසුව එම තොරතුරුවලට ගැලපෙන පරිදි තම ආසනය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමට බලපත්‍ර ලාභීන්ට හැකිය. ඒ අනුව ප්‍රවේශපත් පත් වෙන් කරවා ගැනීමේ දී පෝලීමේ සිටිමේ ක්‍රමවේදය ඉවතට යන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.