Spread the love

මැයි මස 6 වැනි දින පැවත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු හෙට (03 වැනි) සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. .

ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වෙන අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම වැඩි දුරටත් පැවසුවේය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ ඊයේ යන දින තුන තුළ සිදු කෙරුණි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490කි.