බලයේ සිටින පාලකයන්ගේ ජයග්‍රහණය සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් මැතිවරණ කල් දැමීටම ආණ්ඩුව කටයුතු කරන බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි..
ඒ අනුව ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන බලවේගයට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කිසිඳු නිතියකින් තොරව මැතිවරණ කල් දැමිමට හැකි වටපිටාවක් නිර්මාණයවී ඇති බවත්, මෙය බරපතළ ලෙස රටේ ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවයි පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.
