Spread the love

විජේසිරිපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි රුපියල් 1000 හොර නෝට්ටු හතරක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 110 ක් සහ ගංජා මිලිග්‍රෑම් 3200 ක් ලග තබාගත් සැකකරුවෙකු ඊයේ වලස්මුල්ල පොලිසීය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තිරත පුද්ගලයකු වන බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුව අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබදව වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.