නිමල් රාජපක්ෂ-
මහාපරිමාන තොගබඩු අලෙවි කරණ වෙළද සලක් වටලා රුපියල් අසුදහසක් වටිනා තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු විදේශීය සිගරැට් තොගයක් සමගින් සැකකරුවක් බලංගොඩ සුරාබදු නිලධාරින් ඊයේ (17)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ ඩන්හිල් ,මැන්චෙස්ටර් ,ගෝල්ඩ්ලීෆ් වැනි විදේශීය සිගරට් 860 ක් සොයා ගත් බව බලංගොඩ සුරාබදු ස්ථානාධිපති ඩබ්.ජේ.අජිත් පුශ්පකුමාර මහතා පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙනවිත් වෙළදසල් වලට බෙදාහැර ඇතැයිද අනාවරණය වි තිබේ.
විදේශීය සිගරැට් තොගය සමගින් සැකකරු ඉදිරියේදී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සබරගමුව පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත ද කොස්තා මහතාගේ උපදෙස් මත, රත්නපුර සුරාබදු අධිකාරී ඒ.ජි.එස්.කේ.සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, බලංගොඩ සුරාබදු ස්ථානාධිපති ඩබ්.ජේ.අජිත් පුශ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක පසිදු වික්‍රම ආරච්චි ,සුරාබදු නියාමක වරුන් වන 1033 ධම්මික,1205 සදුන් සුරාබදු රියදුරු පුබුදු යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
