Spread the love

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතරකර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද (25) රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි හෝමාගම පොලීසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර වාහන දෙකට අලාභ සිදුවී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

හෝමාගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.