Spread the love


නිමල් රාජපක්ෂ-

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 535 දරණ කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කල හා තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 40 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 25 දෙනෙකු සිටි බව දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් ඒකකය පවසයි.
අංක 535 දරණ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී අද (18) උදෑසන .07.07 ට නතර කළ අවස්ථාවේ එතැන් සිට කොළඹ කොටුව දක්වා දුම්රිය තුළ ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන ලදි එහිදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් කාන්තාවන් බොහො දෙනෙකු හා ප්‍රවේශපත්‍ර නොමැතිවම ගමන් කළ මගීන් කොටු කර ගැනීමට දුම්රිය ආර්ක්ෂක නිලධාරීන් සමත්වි ඇත.
මෙහිදී දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් හිටගෙන යාමට සිදුවීම පුදුමයකට කරුණක් බවට පත්වි තිබුයේ ප්‍රවේශපත්‍ර පරික්සාකිරිමේදී වාඩිවී සිටි මගීන් විශාල පිරිසක් හොරට ගමන් කළ මග‍ීන් බවට තහවුරු වීම නිසාය.
අත්අඩංගුවට ගත් මගීන් 28 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 90620/- දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වි ඇත. ඉතිරි මගීන් ඇපකර තබා ගොස් ඇති අතර ඉදිරිියේදී දඩ මුදල් අයකර ගැනීමට නියමිතය.
කොටුව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර ආරක්ෂක අධිකාරී කරුණානායක මහතාගේ මෙහෙයවීමෙන් , කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුසිල් ප්‍රේමලාල් මහතාගේ අධීක්ෂණයෙන් , කාර්ය භාර නිලධාරි අසේල විජේරත්න, සැරයන් වරුන්වන පාලිත පුෂ්පකුමාර, ප්‍රියන්ත, කිස්තිරි,පුෂ්පකුමාර, ප්‍රියංකර.තිලකරත්න , පතිරණ,ආරක්ෂක නිලධාරින්වන රණසිංහ, සුරාජ්, ආරක්ෂක නිලධාරියන් වන සේපාලි ,සුමුදු , ඉනෝකා, නිලක්ෂි, වාසනා .සජී, ඇතුළු නවක නිලධාරී්න් සමග මෙම වැටලිම සිදු කළහ.