Spread the love

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණිය ඝාතනය කර ඇති බව අද (13) පොලීසියට හෙළිවී තිබුණි.

ඒ, සිද්ධියට සැකපිට අත්අඩංගුවට පුද්ගලයා පොලීසියට සිදුකළ පාපොච්චාරණයේදීය.

24 හැවිරිදි සැකකරු එක්දරු පියෙක් වන අතර ඔහු පවසා ඇත්තේ තරුණිය දූෂණය කිරීමට උත්සාහ කළ තමා ඇය ඝාතනය කළ බවය.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනව්වරා නම් තරුණිය සේවා ස්ථානය වෙත යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්ව ගොස් තිබූ බවත් ඇය දින 6ක සිට අතුරුදන්ව ඇති බවත් ඊයේ අනාවරණ කරනු ලැබීය.

තරුණිය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ 22 හැවිරිදි පදිංචිකාරියකි.

සිද්ධියට සැකපිට කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබු අතර ප්‍රදේශයේ එළුවන් බලාගන්නා අයෙකු අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය.

එහිදී සැකකරු පවසා ඇත්තේ තරුණියගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා අසල කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවය.