Spread the love

නාගොඩ-සුමන

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ඊයේ (15) රාත්‍රියේ මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 16 වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.ඇය තරගය නරඹමින් සිටියදී මෙම අනතුරට ලක්වි තිබේ.

බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසුවේය.

සුගිය 21 වනදා පැවැති තරඟයෙන්මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට විසිවීම හේතුවෙන් මේ වනවිට 08 දෙනෙකු මියගොස් තිබේ.

19 දෙනෙකු ඉන් තුවාල ලැබූ අතර රෝහල් ගතව තවත් එක් පුද්ගලයෙකු ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් වන වාර්තාව මේ මස 20 වනදා වනවිට යුධ හමුදාපතිවරයාට බාරදීමට නියමිත බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.