Spread the love

නාගොඩ- සුමන

සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු, සති අන්ත පාඨමාලා සහ විභාග සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතිබව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.

අද (11) 10 වැනි දිනටත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ අතර වැටුප් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග වැඩවර්ජනයේ නිරත අනධ්‍යන සේවක වෘත්තිය සමිති ඊයේ (10) සාකච්ඡාවක නිරත විය.