Spread the love

වයස අවුරුදු විස්සක් වන පෙම්වතියකට ඇගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයකු අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු පානය කරන්නට පුරුදු කළ බව එම තරුණියගේ මව එම තරුණියත් සමග වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.

දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකාර පෙම්වතා මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටියදී ඇයව විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔහුත් හෙරොයින් මත්කුඩු පානය කර මෙම තරුණියට ද එලෙස මත් කුඩු බීමට පුරුදු කළ බව තරුණිය පොලිසියට පවසා තිබේ.

මෙලෙස තරුණියට මත්කුඩු උරන්නදි මත් වූ පසුව ලිංගික හිංසන සිදු කරන බව තරුණිය පවසා තිබේ