2009 වසරේ යුද්ධය අවසන් කිරීමට ආසන්නව තිබියදී එනම් 2009.01.31 දින ආණ්ඩුව විසින් සටන් විරාමයක් ඇති කරගත් බවත් එයින් එල්ටීටීඊ සංවිධානය ඉදිරියට පැමිණි බවත් එවකට යුද හමුදාපති ෆිල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමා නොමැති වන්නට එදා යුද්ධය පරාජය විමට ඉඩ තිබූ බවත් හෙතෙම පැවසීය.
එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය ජයග්රහණය කිරීමට ඔන්න මෙන්න තිබියදී යුද්ධය මෙහෙයවීමේ වගකීම ජගත් ජයසූරිය මහතාට ලබාදෙන මෙන් තමාගෙන් ඉල්ලීමක් කළ බව ද ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත්වන ලෙස ඇතැමුන් ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයෙ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වන්නේ නම් භාරගැනීමට කැමැත්තෙන් පසුවන බවත් සරත් ෆොන්සේකා මහතා තව දුරටත් එහිදී සදහන් කර ඇත.
