නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්රී ලංකාව ශීඝ්ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වනවිට ගෙන අවසන් බවයි බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

