2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
එහිදී ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402 කට ආසන්න වෙනවා.
එහිදී මුදල් වෙන්කර ඇත්තේ මේලෙසිනි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය = රුපියල් බිලියන 220.06
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය = රුපියල් බිලියන 186.02
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය = රුපියල් බිලියන 170.47
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය = රුපියල් බිලියන 161.99
ආරක්ෂක අමාත්‍යාංශය = රුපියල් බිලියන 142.95
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය = රුපියල් බිලියන 92
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය = රුපියල් බිලියන 67.36
