Spread the love

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්.

ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්,

* වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා
* උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
* ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා
* ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇති
* 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා
* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්
* රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා
* දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා
* රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා
* දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි
* 2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා
* දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා
* ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
* SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා
* රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරනවා
* ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
* බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරනවා
* කුමන තනතුරක් දැරුවද වංචා දූෂණවල නිරත වී අපරාධ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දෙනවා
* මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා
* අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් අත් කර ගැනීම සහ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා විශේෂඥ කමිටුවක්
* රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
* නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළෙඳ කවුළුවක්
* අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා
* 2025 වසරේදී අ.ඩො.මිලියන 430කින් ආනයන වියදම ඉහළට
* අපේ ණය ප්‍රතිශතය 95%ක ඉලක්කයට දැනටමත් ළංවෙමින් තිබෙනවා
* ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අනුව සහන සැලසීමට ණය හිමියන් එකඟවී තිබෙනවා
* අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය අ.ඩො. මිලියන 760කින් ඉහළට
* ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම සඳහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම අයෙකුටම ලැබෙන වැඩසටහනක්
* මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා
* පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩුකරමින් ප්‍රාග්ධන වියදම් වැඩිකර ගත යුතුයි
* 2025 වසරේ මුල් කාර්තුවේ විරැකියාව 3.8% දක්වා අඩුවී තිබෙනවා
* 2025 වසරේ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්
* රාජ්‍ය ආයෝජන 4%කින් ඉහළ දැමීමට කටයුතු කරනවා
* මහජනතාවගේ බදු වගවීමකින් යුතුව කළමනාකරණය කරන බවට සහතික වෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900කින් ඉහළ ගොස් තිබෙනවා
* සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා
* වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්
* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි
* සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% – 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා
* මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා
* ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා
* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක් 
* ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්