දේවින්ද පිණිදිය
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන ඵලදායීතා ගම්මාන බවට පත්කිරීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
. ඇය මේ බව පැවසුවේ පසුගියදා (14 දා ) කොළඹදී පැවති ජාතික ඵලදායිතා සමුළුවේ විශේෂ දේශනය පවත්වමිනි.
ආසියානු ඵලදායිතා සංවිධානයේ Vision 2025 වැඩසටහනේ අනුග්‍රහය ඇතිව රටේ සැමට නව්‍යකරණය මත පදනම් වූ ඵලදායිතා වර්ධනයක් සඳහා රට පුරා ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙම ජාතික ඵලදායිතා සමුළුව සංවිධානය කර තිබුණි.
නවෝත්පාදන, ඵලදායිතාව ඔස්සේ පාරිසරික සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම, රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, ඵලදායිතාව තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම හා ඵලදායිතා විෂය තවදුරටත් ජනගත කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය,
2030 වසර වන විට ලංකාවේ සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකටම අයත් සියලුම ගම්මාන ඵලදායිතා ගම්මාන බවට පත්කිරීම රජයේ අරමුණ බවත් මේ සඳහා රාජ්‍ය අංශයට ඉහළ කාර්ය භාරයක් පැවරී ඇති බවත් පැවසුවාය. එසේම රටක ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය මැනීමේදී ඵලදායිතාවය ඉතා වැදගත් සාධකයක් වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
