පළාත් පාලන මැතිවරණය එළැඹෙන 25 වනදා නොපැවැත්වෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වනු ඇති බවයි.
අප්‍රේල් මස 25 දා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළ බවත්, ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.