Spread the love


නිමල් රාජපක්ෂ-

.

පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි 3 පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 දෙවන පංතියේ ගමන්කළ මගීන් 50 කට ආසන්න පිරිසක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාල සදහා ගමන් කරන කාන්තාවන් 20 දෙනෙකු සිටි බව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
2වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ට කළ පැමිණිලි වල ට අනුව අද(15) පෙරවරුවේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය තුළ මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට තිබේ. මෙහිදි 2 පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් හිටගෙන යද්දි 3 පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් 2 පංතියේ හොද සැපට නින්දකුත් දමාගෙන පැමිණ ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් මගීන් ගෙන්අද පෙරවරුවේම 37 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ දාහතර දාස් එකසිය හැටක දඩ මුදලක් අයකර ගත් බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සමන් කීර්ති බටගොඩ මහතා පවසයි. ඉතිරි මගීන් ඇපකර තබාගොස් තිබේ.
මගීන් කාර්යාල දුම්රිය වල ගමන් කිරීමේදි මින් ඉදිරියට තමන්ට හිමි පංතියේ ගමන් කරන්න .කොටුව මෙහෙයුම් මැදිරියේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් මින් ඉදිරියට දිගින් දිගටම දුම්රිය වල ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන අතර 3 වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 වන පංතියේ ගමන් කර හසුවුවහොත් කිසිදු සමාවක් නොදෙන බවත් දුම්රිය ආරක්ෂ නිලධාරීන් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත , සහකාර අධිකාරී කරණානායක මහතාගේ අධීක්ෂණය යටතේ ,කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී( ස්ථානාධිපති ) සමන් කීර්ති බටගොඩ මහතාගේ මෙහෙයවීමෙන් ,සැරයන්වරුන්වන එච්. එස්. තිලකරත්න,රොෂාන් ප්‍රියන්ත ,පුෂ්පකුමාර, කිත්සිරි අමරසේකර ආරක්ෂක නිලධාරින් වන ලලිත් ලොකුවිතාන ,ආර්.කේ. රණසිංහ,එච්.එන්.පි හේරත්, සුගත් කුමාර ,කාන්තා ආරක්ෂක නිලධාරින් වන දුරංගි ලිලාරන්ත ,ආර්.ටී..පී .සේපාලි යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.