Spread the love


නිමල් රාජපක්ෂ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ මස 20-21 යන දෙදින පැවති 39 වන ජාතික රාජ්‍ය සේවා මළල ක්‍රීඩා උළෙලේ දී සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික රාජ්‍ය සේවා මළල ක්‍රීඩා උළෙලක සෑම වයස් කාණ්ඩයකටම අදාලව තරගාවලියේ ආධුනික කාණ්ඩයේ සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න පැවසීය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සුරාබදු පරීක්ෂක තෙනුෂ්ක අමිලතිස්ස මහතාගේ නායකත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වීම විශේෂත්වයක් විය
මෙම තරගාවලියේදී නිලධාරීන් විසින් ලබා ඇති ජයග්‍රහණ පහත සදහන් වේ

 ආධුනික වයස් කාණ්ඩය

400m කඩුලු මතින් දිවීම – රන් පදක්කම 110m කඩුලු මතින් දිවීම – ලෝකඩ පදක්කම
සුරාබදු නියාමක ලහිරු කෝදාගොඩගේ සුරාබදු පරීක්ෂක තෙනුෂ්ක අමිලතිස්ස

100m x 4 සහය දිවීම (පිරිමි) රන් පදක්කම 400mx 4 සහය දිවීම (පිරිමි) රිදී පදක්කම
සුරාබදු පරීක්ෂක තෙනුෂ්ක අමිලතිස්ස සුරාබදු පරීක්ෂක තෙනුෂ්ක අමිලතිස්ස
සුරාබදු පරීක්ෂක උදාර සම්පත් සුරාබදු පරීක්ෂක උදාර සම්පත්
සුරාබදු කෝප්‍රල් ලලන්ත ශ්‍රී නිශ්ශංක සුරාබදු පරීක්ෂක ඉශංක අමරසූරිය
සුරාබදු නියාමක ලහිරු කෝදාගොඩගෙ සුරාබදු නියාමක ලහිරු කෝදාගොඩගෙ

කවපෙත්ත විසි කිරීම – ලෝකඩ පදක්කම
සුරාබදු පරීක්ෂක ජීවන්ත ලියනගේ

 වයස අවුරුදු 35-39 කාණ්ඩය
100m දිවීම – ලෝකඩ පදක්කම
සුරාබදු පරීක්ෂක අමිල මානගේ

 වයස අවුරුදු 50-54 කාණ්ඩය (පිරිමි)
උස පැනීම – රන් පදක්කම 400m කඩුලු මතින් දිවීම – රන් පදක්කම
සුරාබදු පරීක්ෂක සමන්ත විජේරත්න සුරාබදු පරීක්ෂක සමන්ත විජේරත්න

දුර පැනීම – ලෝකඩ පදක්කම කවපෙත්ත විසි කිරීම – ලෝකඩ පදක්කම
සුරාබදු පරීක්ෂක සමන්ත විජේරත්න සුරාබදු පරීක්ෂක සමන්ත විජේරත්න

 වයස අවුරුදු 50 – 54 කාණ්ඩය (කාන්තා)
කවපෙත්ත විසි කිරීම – ලෝකඩ පදක්කම යගුලිය දැමීම – ලෝකඩ පදක්කම
කාන්තා සුරාබදු සැරයන් මේජර් දේවිකා නිලන්ති කාන්තා සුරාබදු සැරයන් මේජර් දේවිකා නිලන්ති

 වයස අවුරුදු 60 – 64 කාණ්ඩය (විශ්‍රාමික පිරිමි )
1000m ඇවිදීම – ලෝකඩ පදක්කම
විශ්‍රාමික සුරාබදු කෝප්‍රල් එන්.එච්. එම්. ඩබ්.ඩබ්.බණ්ඩාර