ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ චෙස් තරග ජුනි මස 15 වන දින සිට 19 වන දින දක්වා ටොරින්ටන් ක්රීඩාගාරයේදී පැවැත්වේ.
එහි සමාරම්භය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්යක්ෂ අයි.පී.විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) වන දින සිදු වූ අතර, පළාත් 09 ම පිරිමි හා කාන්තා කණ්ඩායම් තරගාවලිය සදහා ඉදිරිපත් වී සිටියි.
තරගාවලිය ජාත්‍යන්තර චෙස් නීති රීති වලට අනුකූලව Rounds Robin ක්‍රමයට වරු 09 ක් තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත. (ක්‍රීඩකයින් 06 ක් අතිරේක ක්‍රීඩකයෙකු බැගින්) මෙහි කණ්ඩායම් අංක කරනු ලබනුයේ සසම්භාවී ක්‍රමය (අහඹු ලෙස) යොදා ගනිමිනි.
සෑම ක්‍රීඩකයෙකුටම මිනිත්තු 90 ක කාලයක් ලැබෙන අතර පළමු චනලයේ සිට අතිරේක තත්පර 30 ක කාලයක් ලැබේ. දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව Rating System යටතේ තෝරාපත්කර ගනු ලබයි
