Spread the love

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (15) නියෝග කළේය.

මාවතගම අඹකොටේ රන්ගලගම පදිංචිකරුවෙකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඇප මත මුදාහැරිණි. සැකකරු විවාහක දෙදරු පියෙකි.

තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීහු සඳහන් කළහ.