Spread the love

නිමල් රාජපක්ෂ 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (30) සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කෙරිණ .
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු අතිරේක කොමසාරිස් ජනරාල් වශයෙන් ද තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද දින ඉතිහාසයට එක් වුණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු වේ.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය සේවයට එක් වූ මෙතුමා සිය රාජ්‍ය සේවා කාලය තුළ මුදල් අමාත්‍යාංශය, රේගුව වැනි රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් මෙම තනතුරට පත්වීමට පෙර කටයුතු කර තිබින .