නිමල් රාජපක්ෂ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතියේ ඇතිවූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික අංශ මේ වන විටත් මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.
එහෙත්, හානියට පත් වූ කොටස් අලුතින් යොදා අලුත්වැඩියා නිම කිරීමෙන් පසු පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින්, හෙට (2025.12.01 – සඳුදා) දින වේරහැර ප්‍රධාන කාර්යාලය සහ මාර්ගගත (Online) දිස්ත්‍රික් කාර්යාල (කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොනරාගල, මහනුවර, ගාල්ල හා අම්පාර) මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය, නව රියදුරු බලපත් ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම ඇතුළු මාර්ගගත සේවාවන් සැපයීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.
ඉහත මාර්ග ගත නොවන කාර්යාල වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද කාරුණිකව දැනුම් දෙමු.
