නිමල් රාජපක්ෂ-
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාගෙන හැත්තෑ අට ලක්ෂයක(7800000/) මුදල් වංචා කළ නිලධාරීන් 11 දෙනෙකු හදුනාගෙන ඇති අතර එයින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාවවගත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් තිදෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
අදාළ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් මට්ටමින් වහාම පරිීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.
පසුගිය සමයේදී නිවාස ණය මුදල් අයකර ගැනීමේ කටයුතු බොහෝ සෙයින් අඩාලවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යධූරයට පත්වීමත් සමඟම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ නිවාස ණය මුදල් අයකර ගැනීම වේඟවත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසයි.
ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියලුම දිස්ත්‍රික් කළමණාකරුවන් කැඳවා ඔවුන්ට මාසකට රුපියල් මිලියන 300 ණය මුදල් අයකර ගැනීමේ ඉලක්කයක් ලබා දුන්නේය.
