අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවලින් 46%ක් අත් සහ ඇඟිලිවලට සිදුවන හානි බවත් 17% ක් ඇස්වලට හා මුහුණට සිදුවන හානි බවත් එම සංගමයේ සභාපති අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වා දෙනවා.

වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ මෙම අනතුරුවලින් මුහුණ පිළිස්සීම, ඇසේ කළු ඉංගිරියාවට හානි සිදුවීම හා කම්පන තරංග නිසා ඇසේ අභ්‍යන්තරයට හානි සිදුවන බවයි .
ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙස අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.