Spread the love

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රැඩිකල් කොටස බලෙන් පොවා ඇති එකක් බව අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන දනිස් අලි සඳහන් කරයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඇතුලේ අන්තරේ යනුවෙන් එකක් ඇති බවත් ඉන් පසුව ඇත්තේ දේශපාලන මණ්ඩලයක් බවත් හෙතෙම පැවසීය.

දේශපාලන මණ්ඩලයෙන් ගන්නා තීන්දු තීරණ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන බවද පැවසූ ඔහු ශිෂ්‍ය ව්‍යාපාරය රැඩිකල් විය යුතු නමුත් එ් සඳහා පක්ෂයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවද කියා සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිටින අය ඇසුරු කිරීමට සහෝදරයන් ලෙස හොඳ නමුත් ඔවුන් කියන රැඩිකල් මතයේ රැඩිකල් කොටසක් නැති බව ද හෙතෙම පැවසීය.

කොළඹ පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.