නිමල් රාජපක්ෂ-
47 වන ජාතික මහා ක්රීඩා තරගාවලියේ කබඩි තරග මැයි 11 දා පොළොන්නරුව ගල්ලෑල්ල දිස්ත්රික් ගෘහස්ථ ක්රීඩාගාරයේදී ආරම්භ වු අතර කබඩි තරගයේ (කාන්තා/පිරිමි) දෙවන දිනය ඊයේ සිදු කෙරිණ.
මෙම තරගාවලිය සදහා පළාත් 09 ම නියෝජනය කරමින් තරගාවලිය සඳහා කබඩි කාන්තා හා පිරිමි කණඩායම් 18 ක් ඉදිරිපත් වූහ.
මූලික තරග පළමු දිනයේ දී නිමාවට පත් වු අතර එහි අර්ධ අවසාන වටයට පත් වූ පිරිමි කණ්ඩායම් වන්නේ .දකුණු පළාත,.බස්නාහිර පළාත,.උතුරුමැද පළාත..නැගෙනහිර පළාත වේ.
කාන්තා කණ්ඩායම් වන්නේ,බස්නාහිර පළාත,සබරගමු පළාත.ඌව පළාත හා උතුරුමැද පළාත වේ.
• පිරිමි අර්ධ අවසන් පළමු තරගයෙන් ලකුණු 30-38 ලෙස නැගෙනහිර පළාත පරාජයට පත් කර උතුරු මැද පළාත අවසන් මහා තරගයට තේරී පත් විය.
• පිරිමි අර්ධ අවසන් දෙවන තරගයෙන් ලකුණු 22-40 ලෙස බස්නාහිර පළාත පරාජයට පත් කර දකුණු පළාත අවසන් මහා තරගයට තේරී පත් විය.
මැයි 13 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයෙන් උතුරු මැද පළාත සහ දකුණු පළාත මෙවර පිරිමි ජාතික කබඩි ශූරයන් වීමට තරග වදිනු ඇත.
• කාන්තා අර්ධ අවසන් පළමු තරගයෙන් ලකුණු 12-46 ලෙස උතුරුමැද පළාත පරාජයට පත් කර ඌව පළාත අවසන් මහා තරගයට තේරී පත් විය.
• කාන්තා අර්ධ අවසන් දෙවන තරගයෙන් ලකුණු 37-41 ලෙස ඌව පළාත පරාජයට පත් කර බස්නාහිර පළාත අවසන් මහා තරගයට තෙරී පත් විය.
අද (13) දින පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ඌව පළාත සහ බස්නාහිර පළාත මෙවර කාන්තා ජාතික කබඩි ශූරයින් වීමට තරග වදිනු ඇත.
