Spread the love

බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

එමෙන්ම යතුරුපැදි 5ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සමාජ මාධ්‍ය මඟින් අද අලුයම් කාලයේ තරුණයින් එක්රැස්වී ඇති බවත් ඔවුන් යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද TikTok සමාජ මාධ්‍යයට එක්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් මොවුන් යතුරු පැදි ධාවනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් .