Spread the love

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2යි දශම 5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි.

මෙම ඊයේ භූ කම්පනය රාත්‍රී 10.15ට පමණ සිදුව ඇත අතර, භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළා.